මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය -

  කටුගස්තොට

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

පාසලේ ඉතිහාසය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-09-19 at 1.33.56 PM.jpeg
Slide
Slide
Slide

  

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවාවල බටහිර ග්‍රාම නිළධාරී කොට්ඨිසයේ කටුගස්තොට සිට රණවන මැදවල මාර් ගයේ කි.මී. 3 ක දුරකින්  උඩුවාව පාසල පිහිට තිබේ.

මෙම පාසල ආරම්භ කිරීමට මුල් වී ඇත්තේ එවකට උඩුවාවල හලංගොඩ වලව්වේ විසු සී.බී කොබ්බෑකඩුවේ නිලමේතුමා විසිනි. ඔහුගේ එකම දියණිය වූ කුසුමාවතී කොබ්බෑකඩුවේ යන අයට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ඔහුට අයත් කොට්ටල් බැදිදේ වත්ත ඉඩමෙහි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරවා එය උඩුවාවල පුරාණ විහාරස්ථානයේ එවකට වැඩ විසූ යටිවාවල ශ්‍රර්‍ සුමන රේවත නායක ස්වාමීන් වහන්සේගේ භාරකාරත්වයට පවරා දී තිබේ.

මෙම පාසල විහාරාධ්පති යටිවාවල ශ්‍රර්‍ සුමන රේවත නායක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීඹ මත සී.බී. කොබ්බෑකඩුවේ නිලමෙතුමා එහි කළමනාකරු වශයෙන් ක්‍රියා කර ඇති අතර, වැඩ බලන ප්‍රධාන මුල් ගුරුවරිය ලෙස ඩබ්.ඒ. කුසුමාවතී හාමිනේ මහත්මිය කටයුතු කර ඇත.

පාසල ආරම්භ කර මාසයක පමණ කාලයකට පසුව මෙම පාසලේ ප්‍රධාන ගුරු තනතුර සදහා ඩේවිඩ් එදිරිසිංහ මහතා පාඨශාලා පරීක්ෂකතුමාගේ අනුමැතියෙන්, කළමනාකාර සී.බී කොබ්බෑකඩුවේ නිලමෙතුමාගේ නියමය පරිදි පත් කරඇත.

1934 වසර වනවිට පාසලේ සිසුන් සංඛ්‍යාව 106 දෙනෙකු දක්වා වැඩිවූ අතර මෙම සිසුන් සංඛ්‍යාව 1970 දශකය දක්වා ක්‍රමයෙන් වැඩිවී ඇත.1938.09.04 වන දින මෙම පාසල රජයට පවරාගෙන ඇත.ඒ අනුව මෙම කාලයේදී පාසලේ පරිපාලන කටයුතු උඩුවාවල විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ හා පාසල් කළමනාකරුගේ අභිමතය පරිදි සිදුවී ඇති බව පෙනේ.