විදුහල්පති පණිවිඩය
W.M.U.G.V.K.වීරසේකර
මධ්‍යම පළාතේ කටුගස්තොට කලාපයේ පිහිටි මප/කටු/ උඩුවාවල කනිෂ්ඨ විද්‍යාලය අධ්‍යාපන , විෂයය සමගාමී මෙන්ම විෂයය බාහිර යන අංශයන්ගෙන් දිනෙන් දින ප්‍රගතිය කරා පිය නගන දීප්තිමත් පාසලකි. අප විද්‍යාලයේ සිසු දරුවන් විවිධ අංශ ඔස්සේ කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලා ඇත. අප පාසල තුළින් සමාජයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටට දායාද කළ දීප්තිමත් ආදි සිසුන් රාශියකි. මෑතකදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ද ඉදිරිය කර පිය නගන අප පාසලේ සිසුන්ට අභිනවයෙන් ආරම්භ කරනු ලබන වෙබ් අඩවිය හරහා ලෝකයට පිවිසීමට තව තවත් දොරටු විවර වනු ඇත. මෙම මහගු කාර්යය ඉටු කර ගැනීමට සහාය දක්වන සියළු පාර්ශවයන්ට ස්තූතිය පුද කරනු ලබ න අතර, මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම සම්බන්ධව මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමන අතර අපේ දරුවන්ගේ නාණ ගුණ මෙමගින් තව තවත් දියුණු වොයි ප්‍රාර්ථනා කරමි.
W.M.U.G.V.K.වීරසේකර
විදුහල්පති
මප/කටු/ උඩුවාවල කනිෂ්ඨ විද්‍යාලය.









