සිරිලක කඳුකර පවනේ සැනසෙන
පෙම්බර අප මෑණී
උඩුවාවල විදු නැණින් පුබුදු කළ
අප විදුහල් මෑණී
සිරිලක කඳුකර පවනේ සැනසෙන
පෙම්බර අප මෑණී
රටදැය නැගුමට ඔදනැණ වඩවා
අභිමානය රදවා......//
පැවතුම් ගුණදම් නැගුමෙන් ඔපකළ
සුන්දර අප මෑණී
සිරිලක කඳුකර පවනේ සැනසෙන
පෙම්බර අප මෑණී
විදු දම් අත්කම් කලා ශිල්ප හැම
සපුරා ජීවය දී......//
අප ඇති දැඩි කළ දෑ හිතකාමී
සුරකිමු ඔබෙ නාමේ
සිරිලක කඳුකර පවනේ සැනසෙන
පෙම්බර අප මෑණී









